අප පැමිණි මඟ

රත්නාවලී බාලිකාවේ ඉතිහාසය

ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාත්, අනගාරික ධර්මපාලතුමාත් එක්ව පරම විඥානාර්ථ බෞද්ධ සමාගම හරහා බෞද්ධ පාසල් පිහිටවීමේ ප්‍රතිඵලයක් ලෙස 1948 දෙසැම්බර් 17 වන දින රත්නාවලී බාලිකා විද්‍යාලය ස්ථාපිත විය. එවකට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. ඩී. කරුණාරත්න මැතිතුමා විසින් අක්කර 2 1රැ4 ක් වූ භූමි භාගය ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟ ප්‍රදේශවාසීන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙම ඉඩම මිලදී ගැනීමට කටයුතු සිදු කරන ලදි. එතුමාගේ මූලිකත්වයෙන් 1945 ජූලි 26 දින ආරම්භක ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදි.


ගරු හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා


පාසල බිහිකිරීම් කාර්යයේ පුරෝගාමී මෙහෙයක්  සිදු කළ ඩී.ඩී.කරුණාරත්න මැතිතුමාගේ නාමයෙන් අවසන් අකුරු තුන වන  ර්‍ණරත්න” මුලට යොදා මැණික් මාලය අරුත ඇති රත්නාවලිය යන නාමය පාසලට යොදන ලදි. 1947 අප්‍රේල් මස දෙවන දින පළමු විදුහල්පතිනිය ලෙස ඒ. දෙනගම මැතිණිය වැඩ භාරගත්තා ය. 1947 උදුවප් මස 17 වන දින ශිෂ්‍යාවන් 60 (හැට) දෙනෙකු ඇතුළත් කිරීමෙන් පාසල ආරම්භ කරන ලදි.
1947 සිට 2001 දක්වා විදුහල්පතිනියන් 13 දෙනෙක් සේවය කර ඇති අතර එම විදුහල්පතිනියන් සියළු දෙනාම පාසලේ උන්නතිය වෙනුවෙන් මහත් කැපවීමකින් හා උනන්දුවකින්  කටයුතු කර පාසල ගොඩ නැගීමට ලබා දුන් දායකත්වය ගෞරව පූර්වකව සිහිපත් කරමි. 2001 ජූලි මස 10 වන දින ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනිය ලෙස එච්. ඒ. එච්. ජයවර්ධන මහත්මිය ලෙස වැඩ භාර ගන්නා ලදි.

Comments

Popular posts from this blog