Posts

Showing posts with the label අප යා යුතු ස්ථානය
  අප යා යුත්තේ කොතනට ද? අප විද්‍යාලයේ දැක්මට අනුව දියණිවරුන්ගේ විභව්‍යතා ඔපවත් කරන පරිපූර්ණ අධ්‍යාපනයක්  තුළින් සාරධර්මවලින් පිරිපුන් නව්‍යකරණයට හා සියළු අභියෝගවලට මුහුණ දිය හැකි අභිමානවත් ගෞරවනීය කාන්තා පරපුරක් සමාජානුගත කිරීම සඳහා කටයුතු කිරීම අප විද්‍යාලයේ දැක්මයි. මෙම දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා කටයුතු කරන්නෙමු. ඒ අනුව තව දුරටත් පවතින සමාජ සංකීර්ණත්වයට හා තාක්ෂණික මෙවලම් භාවිතයත් සමඟ යම් තාක් දුරකට ශිෂ්‍ය විනය, ගුණධර්ම යහපත්  ආකල්ප හා සාරධර්මවල පිරිහීමක්  දක්නට ලැබේ. එබැවින් ගුණයෙන් නැණයෙන් පිරි දරු පරපුරක් උදෙසා තව දුරටත් පාසල් මට්ටමේ ශිෂ්‍යාවන් දැනුවත් කිරීමේ වැඩසටහන්, දෙමාපිය වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පරිපුර්ණ අධ්‍යාපනයක් ලබා දීම සඳහා කටයුතු කරමින් ඉදිරියට යා යුතු ය. අ.පො.ස (සා/පෙළ) සමත් වීමේ 100 % ප්‍රතිඵලය තව දුරටත් රදවා ගනිමින් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා සහ අඩු සාධන මට්ටම් ඇති දියණිවරුන්ගේ අධ්‍යාපන මට්ටම වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිපෝෂණ වැඩ සටහන් ක්‍රියාත්මක කරමින් ඉදිරියට යා  යුතුය. අ.පො.ස (උ/පෙළ) කලා වාණිජ...