අප යා යුත්තේ කොතනට ද?

අප විද්‍යාලයේ දැක්මට අනුව දියණිවරුන්ගේ විභව්‍යතා ඔපවත් කරන පරිපූර්ණ අධ්‍යාපනයක්  තුළින් සාරධර්මවලින් පිරිපුන් නව්‍යකරණයට හා සියළු අභියෝගවලට මුහුණ දිය හැකි අභිමානවත් ගෞරවනීය කාන්තා පරපුරක් සමාජානුගත කිරීම සඳහා කටයුතු කිරීම අප විද්‍යාලයේ දැක්මයි. මෙම දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා කටයුතු කරන්නෙමු. ඒ අනුව තව දුරටත් පවතින සමාජ සංකීර්ණත්වයට හා තාක්ෂණික මෙවලම් භාවිතයත් සමඟ යම් තාක් දුරකට ශිෂ්‍ය විනය, ගුණධර්ම යහපත්  ආකල්ප හා සාරධර්මවල පිරිහීමක්  දක්නට ලැබේ. එබැවින් ගුණයෙන් නැණයෙන් පිරි දරු පරපුරක් උදෙසා තව දුරටත් පාසල් මට්ටමේ ශිෂ්‍යාවන් දැනුවත් කිරීමේ වැඩසටහන්, දෙමාපිය වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පරිපුර්ණ අධ්‍යාපනයක් ලබා දීම සඳහා කටයුතු කරමින් ඉදිරියට යා යුතු ය.

අ.පො.ස (සා/පෙළ) සමත් වීමේ 100 % ප්‍රතිඵලය තව දුරටත් රදවා ගනිමින් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා සහ අඩු සාධන මට්ටම් ඇති දියණිවරුන්ගේ අධ්‍යාපන මට්ටම වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිපෝෂණ වැඩ සටහන් ක්‍රියාත්මක කරමින් ඉදිරියට යා  යුතුය. අ.පො.ස (උ/පෙළ) කලා වාණිජ හා තාක්ෂණ අංශවල ශිෂ්‍යාවන්ගේ විෂයයන් සමත් වීමේ ප්‍රතිඵලය 100 % තව දුරටත් රදවා ගනිමින් විශිෂ්ථ ප්‍රතිඵල ලබා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය උදෙසා කටුයතු කිරීම අත්‍යවශය වේ. විද්‍යා අංශයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ගැන සලකා බලන විට  විෂයයන් තුනම අසමත්වන ශිෂ්‍ය සංඛ්‍යාව 15 -20 අතර සංඛ්‍යාවක් වේ. මෙම අසමත්වන ශිෂ්‍ය සංඛ්‍යාව සඳහා අවම වශයෙන්  විෂයයන් තුනවත් සමත් කරලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු ය. එසේ ම විද්‍යා ගණිත අංශයේ ශිෂ්‍යාවන් විෂයයන් සමත්වීමේ ප්‍රතිශතය 85්‍%වන අතර එම ප්‍රතිශතය 100% දක්වා වැඩි කර ගැනීම අරමුණ කොටගෙන ව්‍යාපෘති සකස් කර ගත යුතු ය. සියලු විෂය ධාරාවලින් විශ්ව විද්‍යාලයට ඇතුල් වන ශිෂ්‍ය ප්‍රතිශතය  60% වන අතර එම ප්‍රතිශතය 70% දක්වා වැඩි කර ගැනීමට කටුයතු කරීම අවශ්‍ය වේ. එම අංශවල උසස් ප්‍රතිඵල ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කර ගැනීමට ද අවශ්‍ය වේ. 

විෂය සමගාමී හා බාහිර ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ වන ශිෂ්‍ය ප්‍රතිශතය වැඩි කර ගැනීම අත්‍යවශ්‍ය වන  අතර 6 වසරට ඇතුල් වන ශිෂ්‍ය සංඛ්‍යාව අතර අවම වශයෙන් ක්‍රීඩාවන් දෙකක්වත් තෝරාගෙන ක්‍රීඩා කිරීම සඳහා සිසුන් පෙළඹවිය යුතු ය.


Comments

Popular posts from this blog