Posts

Showing posts with the label උපයා මාර්ග හ සම්පත් අවශ්‍යතාව
 උපාය මාර්ග හා සම්පත්වල අවශ්‍යතාව පාසලේ අරමුණු ඉටු කර ගැනීම සඳහා උපාය මාර්ග සැලසුම් හා සම්පත්වල අවශ්‍යතාවය මත පාසලේ ඉදිරි පැවැත්ම රදා පවතී. ඒ අනුව විවිධ වූ උපාය මාර්ග යොදා ගැනීම තුළින් පාසලේ අරමුණු ඉටු කර ගැනීම සඳහා කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වේ.  වත්මන් ශිෂ්‍ය ජනගහනයක් සමඟ සසදා බැලීමේ දී භෞතික හා මානව සම්පත්වල පවතින ඌනතාවය පාසලේ සංවර්ධනය සඳහා බාධාකාරී වේ. ඊට අමතරව අනෙකුත් සෙසු අරමුණු ඉටුකර ගැනීම සඳහා උපාය මාර්ග යොදා ගැනීම හා සම්පත්වල අවශ්‍යතාවය පවතී. පාසලේ පවතින අවශ්‍යතාවයන්ඃ ■ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධන වැඩසටහන්  ක්‍රියාත්මක කිරීම. ■ අ.පො.ස. (සා/පෙළ) හා අ.පො.ස. (උ/පෙළ) විද්‍යා ගණිත අංශයේ  විෂයයන්වල ඉහල සාධන මට්ටම් ලකුණු ලබා ගැනීම සඳහා ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ■ සිසු ආකල්ප සංවර්ධනය සඳහා ආකල්ප සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ■ ගොඩනැගිලි පහසුකම් වැඩි කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ■ ශිෂ්‍යාවන්ගේ වෘත්තීය දැනුම වැඩි දියුණු කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ■ විෂය සමගාමී...