Posts

Showing posts with the label වර්තමාන තත්වය
Image
 වර්තමාන තත්වය අධ්‍යාපන ප්‍රගතිය වර්තමානයේ දී අප විදුහලේ අධ්‍යාපන ප්‍රගතිය ගැන කතා කිරීමේ දී හැම අංශයකම කැපී පෙනෙන වර්ධනයක් වී ඇත. අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් උදෙසා විවිධ ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් වාර්ෂික අධ්‍යාපන ඉලක්ක සාර්ථකව ජයග්‍රහණය කරගෙන යනු ලබයි. අ.පො.ස. (සා/පෙළ) විභාගය සමත්වීමේ ප්‍රතිශතය   - 100% අ.පො.ස. (සා/පෙළ) විභාගයේ ප්‍රතිඵල වන දිවයිනේ ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන අප විද්‍යාලයේ ශිෂ්‍යාවන් විසින් අත්පත් කර ගන්නා  ලදි. ශ්‍රී ලංකාවේ විභාග දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා සංවර්ධන ශාඛාව නිකුත් කරන ලද කාර්ය දර්ශක අගයන් අනුව අ.පො.ස. (සා/පෙළ) විභාග ප්‍රතිඵල මත දිවයිනේ දෙවන ස්ථානය අත්පත් කර  ගැනීමට සැම වර්ෂයක ම අප විද්‍යාලයට හැකි වීම තවත් විශේෂ අවස්ථාවකි.   ආ.පො.ස.(උ/පෙළ) විභාගය. විද්‍යා අංශයෙන් අධයාපනය ලබන ශිෂ්‍යාවන්ගේ විෂයයන් සමත් වීමේ ප්‍රතිශතය 85%  ක් පමණ වේ. වාර්ෂිකව විශ්ව විද්‍යාල පද්ධතියට ශිෂ්‍යාවන් 700 කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත්  වෙති. ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුළත් වන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් ලෙස ගත් කළ අප විද...