වර්තමාන තත්වය

අධ්‍යාපන ප්‍රගතිය

වර්තමානයේ දී අප විදුහලේ අධ්‍යාපන ප්‍රගතිය ගැන කතා කිරීමේ දී හැම අංශයකම කැපී පෙනෙන වර්ධනයක් වී ඇත. අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් උදෙසා විවිධ ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් වාර්ෂික අධ්‍යාපන ඉලක්ක සාර්ථකව ජයග්‍රහණය කරගෙන යනු ලබයි.

අ.පො.ස. (සා/පෙළ) විභාගය

  • සමත්වීමේ ප්‍රතිශතය   - 100%
  • අ.පො.ස. (සා/පෙළ) විභාගයේ ප්‍රතිඵල වන දිවයිනේ ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන අප විද්‍යාලයේ ශිෂ්‍යාවන් විසින් අත්පත් කර ගන්නා  ලදි.
  • ශ්‍රී ලංකාවේ විභාග දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා සංවර්ධන ශාඛාව නිකුත් කරන ලද කාර්ය දර්ශක අගයන් අනුව අ.පො.ස. (සා/පෙළ) විභාග ප්‍රතිඵල මත දිවයිනේ දෙවන ස්ථානය අත්පත් කර  ගැනීමට සැම වර්ෂයක ම අප විද්‍යාලයට හැකි වීම තවත් විශේෂ අවස්ථාවකි.
 ආ.පො.ස.(උ/පෙළ) විභාගය.


  • විද්‍යා අංශයෙන් අධයාපනය ලබන ශිෂ්‍යාවන්ගේ විෂයයන් සමත් වීමේ ප්‍රතිශතය 85%  ක් පමණ වේ.
  • වාර්ෂිකව විශ්ව විද්‍යාල පද්ධතියට ශිෂ්‍යාවන් 700 කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත්  වෙති.
  • ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුළත් වන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් ලෙස ගත් කළ අප විද්‍යාලය 2%  ක දායකත්වයක් දරයි.
  • වෛද්‍ය පීඨයට වාර්ෂිකව 75 කට ආසන්න ශිෂ්‍ය සංඛයාවක් ඇතුළත් වෙති.
  • අ.පො.ස. (උ/පෙළ) විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවන් අතරින් දිවයිනේ ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන ලබා ගැනීමට අපගේ ශිෂ්‍යාවන් සමත් වන අතර පළමු දහදෙනා අතරට ද සෑම අංශයකම වැඩි ශිෂ්‍යාවන් සංඛ්‍යාවක්  තේරී පත්වේ.

විෂය සමගාමී

සමබර පෞරුෂයක් ඇති දිරිය දියණිවරුන් සමාජයට දායාද කරනු පිණිස විෂය සමගාමී හා බාහිර ක්‍රියාකාරකම් රාශියක් පාසල තුළ ක්‍රියාත්මක කරනු ලබයි. එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත සමාජයට වැඩදායී කාන්තාවන් ලෙස සමාජගත කිරීමේ අරමුණ උදෙසා අප විසින් වාර්ෂිකව විෂය සමගාමී ක්‍රිියාකාරකම් රාශියක් විවිධ වූ සංගම් 40 ක් හරහා ක්‍රියාත්මක කරනු ලැබේ. 

අප පාසල තුළ ක්‍රියාත්මක වන ක්‍රීඩා

  •         ක්‍රිකට්
  •         හොකී 
  •         බැට්මින්ටන්
  •         වොලිබෝල්
  •         මේස පන්දු
  •         හොකී
  •         කරාතේ
  •         පිහිණුම්
  •         මේසපන්දු 
    අප ලද ජයග්‍රහණ

ශිෂ්‍යභට තූර්යවාදක ඛණ්ඩය සමස්ථ ලංකා ප්‍රථමස්ථානය ලබා ශ්‍රීමතී සරෝජනී තේවනාගම් කුසලානය දිනා ගන්නා ලදි.

  
අප විද්‍යාලීය නාට්‍ය කණ්ඩායම සමස්ත ලංකා  ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදි.

 

අප විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත් ප්‍රචලිත ක්‍රීඩාවක් වන අතර මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රිකට් තරඟාවලියේ සමස්ත ශූරතාවය අප විද්‍යාලීය කණ්ඩායම විසින් අත්පත් කර ගන්නා ලදි.





ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අප විද්‍යාලයේ  විශ්මි ගුණරත්න දියණිය  නියෝජනය කිරීම ද තවත් සුවිශේෂී අවස්ථාවකි.එසේ ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අප විද්‍යාලයේ ශිෂ්‍යාවක් නියෝජනය කිරීම ද තවත් සුවිශේෂී අවස්ථාවකි.


ආසියානු  කරාතේ තරඟාවලි වලදී අප විද්‍යෘලයේ ශිෂ්‍යාවන් ලෝකඩ, රිදී පදක්කම් ලබා ගන්නා ලදී.

අධ්‍යාපන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ආයතනය ඒකාබද්ධව හොඳම වාර්ෂික හා මූල්‍ය වාර්තාව තේරීමේ තරඟාවලියේ දී අප විද්‍යාලය සමස්ත ලංකා දෙවන, තෙවන ස්ථාන ලබා ගැනීමෙන් රිදී හා ලෝකඩ පදක්කම් ලබා ගැනීමට සමත් වී ඇත.







Comments

Popular posts from this blog