පාසලේ ගමන් මගෙහි දිශානතිය.
පාසලේ අධ්‍යාපන ඉලක්ක සාර්ථකව ජයග්‍රහණය කර ගනිමින් අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවන්ගේ අපේක්ෂාවන් ඉටුවන පරිදි කටයුතු කරමින් ඉදිරියට යාම මූලික පරමාර්ථය වේ. වත්මනේ දී අප විදුහල ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නොව මුළු දිවයිනේ ම ප්‍රමුඛතම බාලිකා පාසල වශයෙන් කටයුතු කරන්නට අවස්ථාව ලැබී ඇත්තේ මෙම අධ්‍යාපන ඉලක්ක නිසි පරිදි ඉටු කිරීම සඳහා විද්‍යාලීය කළමණාකරණ මණ්ඩලය හා ගුරුභවතුන් ලබා දෙන නොමද සහයෝගය නිසාවෙනි. ඉදිරියටත් මෙම අධ්‍යාපන ඉලක්ක ඉටු කරමින් ශිෂ්‍යාවන් හා දෙමාපියන් ඇතුළු ප්‍රජාවගේ අපේක්ෂාවන් ඉටු වන පරිදි කටුයතු කරමින් ඉදිරියට යාමට අපේක්ෂා කරනු ලබයි. නිපුණතා පාදක අධ්‍යාපනයක් තුළ ක්‍රියාකාරී අධ්‍යාපනයක් ලබා දීම සඳහා කටුයුතු තව දුරත් සංවිධානය කීරීම අවශ්‍ය වේ.
සමබර පෞරුෂයක් ඇති දියණිවරුන් ජාතියට දායාද කිරීම අරමුණ කොට විෂය සමගාමී හා බාහිර ක්‍රියාකාරකම් තවදුරටක් ශක්තිමත් කරමින් ජාතික තලය හා ජාත්‍යන්තර තලය සඳහා දරු කැළක් තව දුරටත් බිහි කිරීම අරමුණු කොට ගෙන අප යන දිශාව ශක්තිමත් කළ යුතුය. පවතින භෞතික සම්පත් තවදුරටත් ශිෂ්‍ය සංඛ්‍යාව අනුව ප්‍රමාණවත් නොවන බැවින් දස අවුරුදු සැලැස්මට අනුව භෞතික සම්පත් වැඩි දියුණු කිරීම අරමුණ කොටගෙන අනාගත ශිෂ්‍ය පරපුර වෙනුවෙන් සංවර්ධනය කිරීම මූලික අරමුණක් වේ.
දැනුම පමණක් නොව කුසලතා ආකල්ප වලින් පරිපූර්ණ අධ්‍යාපනයක් දියණිවරුන් වෙත ලබා දීම සඳහා වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කිරීම අවශ්‍ය වේ.
2021 කළමණාකරන මණ්ඩලය
අධ්‍යයනකාර්ය මණ්ඩලය
Comments
Post a Comment